KKS වරාය සංවර්ධනය ඉන්දියාවට බාරදෙයි.


ඩොලර් මිලියන 45.27ක පිරිවැයක් යටතේ යාපනය, කන්කසන්තුරය වරාය සංවර්ධනය කිරීමෙ ව්‍යාපෘතිය ඉන්දියාව විසින් සිදුකිරීමට නියමිත අතර ඒ හා සමගාමීව අවට ප්‍රදේශ සංවර්ධනය කිරීමේද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය සාගල රත්නායක මහතා අද (14දා) දිනයේදී කන්කසන්තුරය වරායේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වීමට නියමිතය.

මේ වන විට කන්කසන්තුරය වරායේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාව හරහා සිදුකරන අතර නව ව්‍යාපෘතිය වසර තුනකින් අවසන් කිරීම හරහා එහි බහාලුම් මෙහෙයුම් කටයුතු ආරම්භ කිීරීමටද අපේක්ෂා කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment