16 ගණිකාවන් සිටින පියාගේ ගණිකා නිවාසයේ මැනේජර් 17 සිසු පුතා


කුරුණෑගල දඹුල්ල මාර්ගයේ බඩගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ලැගුම්හලක ගණිකා සේවය සඳහා රැගෙන විත් සිටි බව කියන අවුරුදු 16 ක් පමණ වයසවූ ලාබාල දැරියකද සමග එම ලැගුම්හලේ කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටි අවුරුදු 17ක් වයසේ වූ ලාබාල ශිෂ්‍යයකුද පෙරේදා (16) සැකපිට අත්අඩංගුවට ගත්
බව කුරුණෑගල නීතිය බල ගැන්වීමේ ඒකකය පවසයි.

ලැගුම්හලක් මුවාවෙන් මෙම ස්ථානයේ ගණිකා ජාවාරමක් සිදුකරන බවට කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහත්වරුන්ට ලද පැමිණිලිවලට අනුව
මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත් ලාබාල දැරිය කැකිරාව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය සමග සිටි තරුණයා කුරුණෑගල පිලැස්සේ අයෙකි. තමන් කුරුණෑගල ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කරන බව දැරිය පවසා ඇතත් එය තහවුරු කිරීමට ඇය අසමත් වූ බවද, හැඳුනුම්පතක් පවා නොතිබුණු බවද ඇයගේ මව යැයි කියා කාත්තාවකට දුරකතන මහින් ඇමතුම් ගත්තද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද පොලිසිය කියයි.

පොලිසිය මෙම ස්ථානය වැටලූ අවස්ථාවේදී එහි හිමිකරු පොලිසියට අසුනොවී පලායාම හේතුවෙන් එම ලැගුම්හලේ කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටි ලාබාල තරුණයා ප්‍රශ්න කිරිම සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවද, ඔහු පලාගොස් සිටි ලැගුම්හල් හිමිකරුගේ පුතා බවට අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.

පලාගොස් සිටින සැකකාර ලැගුම්හල් හිමි පියාට හෝ ඔහුගේ මවට පොලිසියට පැමිණෙන ලෙසට පණිවුඩ ගණනාවක් මාර්ගයෙන් දැනුම් දුනද ඔවුන් කිසිවෙකු හෝ නොපැමිණි බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගෙන සිටින ලාබාල දැරිය සමග ඇය රැගෙන ආ තරුණයද ලාබාල පාසල් ශිෂ්‍යාද වෛද්‍ය පරික්ෂණයක් සඳහා ඉදිරිපත් කිරිමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-පුෂ්පකුමාර ජයරත්න-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment