සවන යොවුන්පුරය අද (27) වීරවිලදී ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම්කර ඇත. ඒ පිලිබඳ අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් නිතිඥ එරන්ද වැලිඅන්ගේ මහතා සඳහන් කර තරුණ තරුණියන් 8000 ක් පමණ මිට එක්වන බවත් විදේශීය තරුණ කණ්ඩායම්ද මේ සමඟ අත්වැල් බැඳගන්නා බවයි. තරුණ තරුණියන් උදෙසා අධ්‍යාපනික, නවෝත්පාදන, ව්‍යවසාය ඇතුළු නවීන ලෝකය හා එක්විය හැකි යුගයේ තාරුණ්‍යට අවශ්‍ය ගුණාත්මක වැඩසහන් රැසක් මෙතුල ක්‍රියාත්මක වන අතරම සාමය සහ සංහිදියාව තුලින් ශ්‍රී ලංකික තරුණයක් බිහිකරලනු වස් ධනාත්මක ආකල්ප සංවර්ධනය සඳහාද මෙවර දසවන යොවුන්පුරය තුල වැඩි අවදානයක් යොමුකරන බවයි.
අදින් (27) ඇරඹෙන දසවන යොවුන්පුරය මාර්තු 28, 29, 30 සහ 31 යන දිනවලදී හම්බන්තොට වීරවිල පශු සම්පත් මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත. මෙම යොවුන්පුරයට සමගාමීව ජාතික තරුණසේවා සභාවේ, සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් එරන්ද වැලිඅන්ගේ මහතාගේ සංකල්පයක් මත "තාරුණ්‍යයෙන් මව්බිමට" කෘතගුණ සලකනු වස් පැල 2000 ට අධික ප්‍රමාණයක් සිටුවිමටද මෙහිදී කටයුතු කරනු ඇත.
එන්න! එක්වන්න!! යොවුන්පුරය 2019 වීරවිල
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)


0 comments :
Post a Comment