කිතුල්ගල වෝටර් රාෆ්ටින් සංචාරකයින් 50%ක් අඩු වෙලා

කිතුල්ගල ප්‍රදේශයේ කැලණි ගගේ රාෆ්ටින් බෝට්ටු පැදීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 50%කින් පමණ අඩු වී ඇති බවත් මේ තුළින් රාෆ්ටින් බෝට්ටු සේවය ආශ්‍රිතව නිර්මාණය වී ඇති සෘජු හා වක්‍ර රැකියා 1,500කට ආසන සංබ්‍යාවක් දැඩි අවදානම් තත්ත්වයට පත්වී ඇති බව ශ්‍රී ලංකා වයිට් වෝටර් රාෆ්ටින් හිමියන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ
කළේ රෆ්ටින් බෝට්ටු හිමියන් මුහුණදී ඇති දුෂ්කරතා පිළිබඳව අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"අද වන විට කිතුල්ගල ප්‍රදේශයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට සංචාරක කර්මාත්තය පත්වී තිබෙනවා. මෙම ප්‍රදේශයේ තිබෙන කිතුල්ගල ජනතාවගේ උත්සාහය මතින් නිර්මාණය වූ සංචාරක කර්මාන්තයක්. මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට රජය සෘජු ලෙස මැදිහත් වෙලා නෑ. මෙම රාෆ්ටින් බෝට්ටු සේවයෙන් පරිසරයට හානි නොකර ඩොලර් උපයන්න පුළුවන් ඩොලර් උල්පතක් ලෙස හැදින්වීමට හැකියි. මෙම රටින් බෝට්ටු සේවාවත් සමඟ දියුණු වූ
සංචාරක කර්මාන්තය අඩාල වුවහොත් කිතුල්ගල සිල්ලර බඩු විකුණන කඩේ සිට සංචාරක හෝටල් දක්වා අඩපණ වීමට ඉඩ තිබෙනවා.

කිතුල්ගල ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස නම් කර තිබුණත් සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් තවම සංවර්ධනයක් වී නැති අතර සංචාරකයන්ට භාණ්ඩයක් මිලදී ගත්න පහසුකම් තිබෙන වෙළඳසලක්ද කිතුල්ගල නගරයේ නැහැ. සංචාරක කලාපයක් ලෙස නම් කළාට වැඩක් නැහැ යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ නැතිව.  කැලණි ගගේ රාෆ්ටින් ක්‍රීඩා කිරීමට වඩාත් යෝග්‍යම කොටස රජය මඟින් ඉදිකරන බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය හේතුවෙන් අහිමි වෙනවා. බලාගාරය හේතුවෙන් සිඳී යෑමට ලක්වන කොටස තුළ තමා රොටීන් බෝට්ටු පැදීමේදී වඩාත් ත්‍රාසජනක ලෙස ගමන් කරන්න පුළුවන් වන්නේ.

බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරය ඉදි කළ පසු මේ සියලු දේ අහිමි වෙනවා. රටට විදුලිබලය අවශ්‍යයි. ඒ රෆ්ටින් පැදීම ඇතුළු සංචාරක කර්මාන්තයෙන් රටට හිමි වන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අහිමි කරගෙන හා පරිසරය විනාශ කරගෙන නිපදවන විදුලි බලයෙන් තේරුමක් තියනවාද. ලෝකයේ ජල චිදුලියෙන් විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවට විකල්ප බලශක්ති නිෂ්පාදනයට රජය යා යුතුයි. එම නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ රජය වහා මැදිහත් වී කිතුල්ගල සංචාරක කලාපය සංවර්ධනය කර විදෙශිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සංචාරක අමාත්‍යංශය හරහා ආරම්භ කළ යුතු බවයි.”

-අරන්දර දිසානායක-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment