මේ වනවිට නවසීලන්තයේ රක්ෂිත බන්ධනාගාරයේ පසුවන තම පුත්‍රයා කළ ක්‍රියාව හෙළා දකින බව ටැරන්ට්ගේ සීයා හා ආච්චී ඕස්ට්‍රෙලියානු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
'අපට මේ ගැන අසා කරකියාගන්න දෙයක් නැතිවුනා. හිතාගන්නවත් බෑ..සමාව හැර වෙන යමක්
ඉල්ලන්න අපට හැකියාවක් නෑ.' 81 හැවිරිදි මිත්තණිය වන ෆිට්ස්ජෙරල්ඩ් මහත්මිය පැවසුවාය.
මේ වනවිට ටැරන්ට්ගේ මව හා නැගණිය ඕස්ට්‍රෙලියානු පොලිස් ආරක්සාව යටතේ නිවසක රඳවා සිටින අතර ඔවුන්ට මාධ්‍ය ඉදිරියට ඒමට අවස්ථාවක් ලබාදී නැත.
නවසීලන්තය තුළ පවතින ගිනිඅවි නීති ප්‍රතිසංශෝධනය කිරීම සඳහා සිය කැබිනට් මණ්ඩලය තීරණය කළ බව එරට අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් ඊයේ (18දා) මාධ්‍ය වෙත පැවසුවාය.
"මේ භයංකාර ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දින 10කට පස්සේ අපිට හැකි වේවි නවසීලන්තයේ අලුත් ගිනිඅවි නීති මොනවාද කියලා ප්‍රකාශට පත් කරන්න. ඒ හරහා අපිට අපේ සමාජය වඩාත් ආරක්ෂිත කරන්න හැකිවේවි කියලා අපි විශ්වාස කරනවා."
ඇය කියා සිටියාය.
ප්‍රධාන ප්‍රහාරය එල්ල කළ බ්‍රෙන්ටන් ටැරන්ට් පිළිබඳව නවසීලන්ත බුද්ධි අංශ වෙත මීට පෙර කරුණු වාර්තා නොවීම සම්බන්ධයෙන් පවතින ගැටලුවටද පිළිතුරු අපේක්ෂා කරන බවද අගමැතිවරිය සඳහන් කර තිබේ. වෙඩික්කරුවා එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා භාවිත කළ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි දෙක, ෂොට් ගන් දෙක සහ අනෙකුත් ගිනිඅවි සියල්ල නවසීලන්තෙයේ පවතින ගිනිඅවි නීතියට යටත්ව ඔහු ඒවා අන්තර්ජාලය හරහා මිලදී ගෙන ඇත.
ගිනිඅවි නීතියට අනුව මිලදී ගත හැකි පළමු කාණ්ඩයට අයත් ගිනිඅවි ලෙස අර්ධ - ස්වයංක්‍රීය ගිනිඅවි පවතී. එහෙත් එය එක්වරකට වෙඩි උණ්ඩ හතක් පමණක් නිකුත් කළ හැකි ලෙස සීමා වී තිබේ. කෙසේ වෙතත් මෙම වෙඩික්කරු සිය ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විඩියෝ විශාල උණ්ඩ ප්‍රමාණයක් දැකගත හැකිවීම නිසා ඔහු කිසියම් අවිදිමත් ක්‍රමයකට මේවා ලබාගෙන ඇති බවටද සැක පහළවී ඇත.
එරටදී ඇතිවුණු මෙම සමූල ඝාතන සිදුවීමත් සමග ගිනිඅවි සම්බන්ධයෙන් පැන නැගී ඇති ආරක්ෂක අවදානම මේ සඳහා හේතුව වී ඇතැයි ඔවුන් පවසයි.
මෙම ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 50 දක්වා ඉහළ නැග ඇත. එසේම තවත් 40 ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. ප්‍රහාරය එල්ල කළ ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් සම්බන්ධයෙන්ද ඔස්ට්‍රේලියාවේ සිදුකරන පරීක්ෂණද මේ වනවිට ආරම්භ වී ඇත. එහිදී ඔහු නවාතැන් ගත් නිවාස කිහිපයක්ද පරීක්ෂාවට ලක්කර තිබේ.
අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේ මීළඟ නඩු වාරය ලබන අප්‍රේල් පස්වැනිදා දක්වා කල් තැබීමක්ද සිදුවිය. ඔහු අත්අඩංගුවට පත්ව සිටින අවස්තාවේ ඡායාරූප මාධය මගින් ලබාගනිද්දී විලංගු දැමූ අත මෑත් කර 'ඕකේ' සලකුණ පෙන්වා සිටීම ගැනද මාධ්‍ය තුළ කතාබහක් ඇති විය.
මෙහිදී ඔහු වෙනුවෙන් ඉදිරිපත් වුණු නීතීඥයාගේ සේවයද ප්‍රතික්ෂේප කර ඇති අතර බ්‍රෙන්ටන් තමා වෙනුවෙන් තමන්ම ඉදිරිපත් වන බව අධිකරණයට පවසා ඇත.
0 comments :
Post a Comment