භාවිතය ප්‍රවේශමෙන්: විදුලි කප්පාදුවක් නැහැ.


විදුලිය කප්පාදු කිරීමට අදහස් නොකරන හෙයින් විදුලිය ඉතිරි කැර ගැනීමට සහයෝගය දෙන්නැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා ලක්ෂ 65ක් වන විදුලි පරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දින අඩුවීගෙන යන බව පෙන්වාදෙන ඇමැතිවරයා හදිසි විදුලිබලය මිලදී ගැනීමට අවශ්‍යතාවක් හෝ විදුලිමිල වැඩිකිරීමට අවශ්‍යතාවයක් නොමැති හෙයින් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ඉල්ලා සිටිනවා. පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

එක්දිනකට විදුලිබල්බ දෙකක් නිවා දමලා විදුලිය ඉතිරි කරන්න. මේ තුළින් දිනකට මෙගාවොට් 100ක් පමණ ප්‍රමාණයක් ඉතිරි කරගන්න හැකියාව ලැබෙනවා. අරපිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කරන්නඕන යුගයක් ඇවිත් තිබෙන්නේ. අපි කිසිසේත්ම විදුලි කප්පාදුවකට යන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය අපට ලබාදෙන්න යැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ දිනවල ඉතා අධික විදුලි ඉල්ලුමක් තිබෙනවා. මේ තත්ත්වය තවත් මාස 1 ½ ක් පමණ ඉදිරියට පවතී කියලා හිතනවා. බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට ලැබෙන වැස්සත් මේ කාලයේ ඉතා අඩුයි. නමුත් ජනතාවට අඛණ්ඩ විදුලි සේවයක් සපයන්න අපි අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා. අපේ ලංවිම දක්ෂ ඉංජිනේරුවරුන් සහ අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලය එකතුවෙලා මේ තත්ත්වය සමබරව පවත්වාගෙන යන්න අවශ්‍ය පියවර ගන්නවා.

වසර 10ක් පමණ තිස්සේ මේ රටේ විදුලි අවශ්‍යතාවන්ට සරිලන පරිදි විදුලි ජනන පද්ධතියක් ඉදිකරලා නැහැ. අපිට කරන්න පුළුවන් පොඩිම දේ තමයි, තමන්ගේ නිවසේ විදුලි බල්බ දෙකක් නිවා දමා විදුලිය ඉතිරි කිරීම, ඒ තුළින් ජනතාව‍ගේ ප්‍රශ්නයත්, රටේ ප්‍රශ්නයත් විසඳනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment