රනිල්ට ගෞරවය හිමිවිය යුතුයි: මහින්ද සමරසිංහගෙන් ඓතිහාසික ප්‍රකාශයක්!


2002-2004 වකවානුවේදී අගමැතිවරයා ලෙස කටයුතු කළ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රෝම ප්‍රඥප්තියට‍ අත්සන් නොකළ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යා නොහැකි බවත් එහි ගෞරවය එතුමාට හිමිවිය යුතු බවත් පත්කළ මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කෙළේය.

රෝම ප්‍රඥප්තිය අත්සන් කළ අවස්ථාවේදි රටවල් රැසක් ඒ සඳහා එකඟ වූවද රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රඥප්තිය සඳහා අත්සන් නොකළ බව සමරසිංහ මහතා සඳහන් කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .ඒ .සුමන්තිරන් මහතා රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් කර නොමැති බව දැන දැනත් තම දේශපාලන වාසිය වෙනුවෙන් විවිධ ප්‍රකාශ කරන බවත් සඳහන් කරමින්ය.

නීතිඥයකු වන සුමන්තිරන් මහතා මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ තම වාසිය වෙනුවෙන් වුවත් මෙවැනි ප්‍රකාශ හේතුවෙන් විවිධ අර්බුද ඇති විය හැකි බවත් මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා විවිධ ප්‍රකාශ සිදුකරනවා. යුද අධිකරණයක් පිහිටුවා හෝ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකරන්නේ නම් ජාත්‍යන්තර අධිකරණයට යන බව සුමන්තිරන් මහතා සිදුකරනවා. නමුත් සුමන්තිරන් මහතා නීතිඥවරයෙක්. 2002-2004 වකවානුවේදී අගමැතිවරයා ලෙස කටයුතු කෙළේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා. එතුමා රෝම ප්‍රඥප්තියට අත්සන් කෙළේ නැහැ. එයට අත්සන් කර නොමැති නිසා මේ අය අපේක්ෂා කරන දේවල් කරන්න බැහැ. රෝම ප්‍රඥප්තියට අත්සන් නොකිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිය පිරි නැමිය යුතුයි. එහි ගෞරවය එතුමාට හිමි වෙනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment