පොහොට්ටු - අත : සන්ධානය ඇණහිටියි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇතිකර ගැනීම පිළිබඳව සාකච්ඡා නතරවී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ඒ සම්බන්ධයෙන් දැඩි අවුලකට පත්වී තිබෙන බවත් අනිද්දා පුවත්පත වාර්තා කරයි.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකගේ බාධා කිරීම් නිසා සන්ධානය ගොඩනැගීමේ කටයුතු අඩපණ වී තිබෙන බවත් සන්ධානයට බාධා කරන නායකයන් කෙරෙහි මහජන විරෝධයක් ඇති වන ලෙස අදහස් දැක්වීම් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොදරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් කීය.

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රීලනිපය සමඟ සන්ධානයක් ඇති කර ගැනීමේ සාකච්ඡා ගැන කල විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ එම සාකච්ඡා මේ වන විට ඇන හිට තිබෙන බවය. මෑතකදී එවැනි සාකච්ඡාවක් නොපැවැත්වූ බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් පිළිබඳව දැනුම් නොදුන් බවත් ඔහු කීය.

මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ සිටින පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයේ සිටින අනෙකුත් කුඩා පක්ෂ අතර සන්ධානයක් ඇති කර ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡා නම් සාර්ථකව සිදුවෙන බවද ඔහු කීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment