මහරගම ‘සුව පියස’ වෛද්‍ය කඳවුර සාර්ථකව අවසන්.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සහ මහරගම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා අත්වැලක් සැපයීමේ අරමුණින් මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී  ධනුෂ්ක රාමනායක මහතා ප්‍රමුඛ ගම්පියස කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී  ජයවර්ධනපුර රෝහල සහ නවලිය පුවත්පත එක්ව සංවිධානය කල "සුව පියස" වෛද්‍ය කඳවුර මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(09) මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම සෞඛ්‍ය සායනයේදී, ජනතාවට සම්පූර්ණයෙන්ම නොමිලයේ දියවැඩියා රෝග පරික්ෂාව, අධි රුධිර පීඩන පරික්ෂාව, පෝෂණය සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීම, අක්ෂි පරික්ෂාව, දන්ත පරික්ෂාව, වකුගඩු රෝග පරික්ෂාව සහ විශේෂයෙන්ම කාන්තාවන් සඳහා පියයුරු පිලිකා සහ ගැබ්ගෙල පිලිකා පරීක්ෂාවන් සිදුකර ගැනීමට අවස්ථාව උදා කර දී තිබූණි.

ප්‍රදේශයේ විහාරස්ථානවල ස්වාමීන්වහන්සේලාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීමටද එහිදී විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබූ අතර මේ සඳහා මහරගම ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක දහසකට අධික ජනතාවක් සහභාගී වී සිටීම කැපී පෙණුනි.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment