සිරිසේනගේ චෝදනා බොරු: සිංගප්පූරුවෙන් ක්ෂණික ප්‍රතිචාර.


මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ජනපති සිරිසේන සිංගප්පූරුව වෙත එල්ල කළ චෝදනා සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගියදා ජනපති සිරිසේන චෝදනා කර සිටියේ තමන් පසුගිය සංචාරයේදී අර්ජන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කල නමුත් දැන් ඒ ගැන එරට නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත් ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුව සිය අදහස ප්‍රකාශ කළ යුතු බවත්ය.

කෙසේ වෙතත් සිංගප්පූරු මාධ්‍ය එරට විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ඊයේ (20දා) වාර්තා කර තිබෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය ලියකියවිලි නිසියාකාරව ඉදිරිපත් කර නොමැති බවය.

එසේම මේ සම්බන්ධයෙන් ජනවාරි මාසයේ පටන් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරත් මේ දක්වාම සිංගප්පූරුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලූ ලියකියවිලි සිංගප්පූරුවට ලබාදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවද එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.

සිංගප්පූරුව තවදුරටත් ශ්‍රී ලංකාවෙන් මේ තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන බවත් එම තොරතුරු ලැබුණ විට පිටුවහල් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැන සළකා බැලිය හැකි බවත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.

සිංගප්පූරු නීති අනුව යම් වරදකරුවෙක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට පිටුවහල් කළ හැකිය. ශ්‍රී ලංකාවද පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටකි.

සිරිසේන ජනාධිපතිගේ හැසිරීම රාජ්‍ය නායකයෙකුට උචිත නැත - විද්වත් මතය!

කෙසේ වුවත් සිරිසේන ජනාධිපති පටු ජනප්‍රියත්වයක් ඉලක්ක කර මේ වන විට සිය සීමාව පවා අමතක කරගෙන කටයුතු කරන බවත් රාජ්‍ය නායකයකු ලෙස විශේෂයෙන් ශ්‍රී ලංකාවට සමීප රාජ්‍යයක් වන සිංගප්පූරු රාජ්‍යය සහ අග්‍රාමාත්‍යවරයා අලලා පසුගියදා සිදුකල ප්‍රකාශය රාජතාන්ත්‍රික වශයෙන් නොගැලපෙන්නක් බව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විද්වත් මතය වී තිබේ.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ සිංගප්පූරුව ජනාධිපති සිරිසේනට ක්ෂණික ප්‍රතිචාරයක් දක්වා ඇති බවත් ඒ හරහා ජනාධිපති සිරිසේන ඉහත චෝදනාව සිංගප්පූරුව වෙත එල්ල කර ඇත්තේ කරුණු හරිහැටි හොයා නොබලා ඉතාම අපරික්ෂාකාරීවය.

රාජ්‍ය නායකයෙකු මේ ආකාරයට හැසිරීම හමුවේ සමස්ත රටද ජාත්‍යන්තරය හමුවේ හෑල්ලු වන බවත් මේ වන විට සිංහලෙන් කුමක් කීවද එය තානාපති අංශ, ඔත්තු සේවා සහ මාධ්‍ය හරහා ලෝකයේ සියල්ලන්ට දැනගන්නට ලැබෙන බව කිසියම්හෝ අයෙකු ජනාධිපති සිරිසේන ව දැනුවත් කල යුතු බවද ඔවුන් සඳහන් කරයි.

දැඩි බල වියරුවකින් පෙළුණු රාජපක්ෂ ජනාධිපති පවා මෙවැනි ප්‍රකාශ සිදුනොකළ බවත් දිරදිග හිතා නොබලා ජනාධිපති සිරිසේන සිදුකරන ප්‍රකාශ වලින් දැඩි අපකීර්තියක් ඔහුට උරුමවීම වලක්වා ලිය නොහැකි බවද ඔවුන් අවධාරණය කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment