මහින්දගේ පෞද්ගලික ලේකම් ශානිකා ගොපල්ලව


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස ශානිකා ගොපල්ලව මහත්මිය පත්කරනු ලැබ සිටී.
ශානිකා ගොපල්ලව මහත්මිය මාර්තු 1දා
විපක්ෂ නායක කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ වැඩ භාර ගත්තාය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේදී ඔහුගේ අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර ඇති ශානිකා ගොපල්ලව මහත්මිය මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොන්ටි ගොපල්ලව හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාගේ දියණියකි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි උදිත් ලොකු බණ්ඩාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වීම ලැබ එම ආයතනයේ පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල යෙදී සිටින නිසා එම තනතුරින් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදිත් ලොකු බණ්ඩාර මහතා පැවැසීය.
ආරියරත්න ගනේගොඩ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment