සුහුරු තාක්ෂණයේ කොටස් කාරයන් බවට කාන්තාව පත්විය යුතුයි: ඇමති චම්පික රණවක.


සුහුරු තාක්ෂණයේ කොටස් කාරයන් බවට කාන්තාව පත්විය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  පවසයි.


ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ මහරගම ජාතික තරුණසේවා සභාවේ පැවැති ‘සුහුරු කතක් සොඳුරු ලොවක්’ තේමාව යටතේ ලෝක කාන්තා දින සැමරුම් උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ රටේ කිසිම පාසලකට ඇතුල් වෙද්දි කාන්තාවක් හැටියට ඒ අය ප‍්‍රතික්ෂේප කිරීමේ ක‍්‍රමවේදයක් නැහැ. අද ඇත්තටම ආඩම්බරයෙන් කියන්න  ඕනේ අපේ විශ්ව විද්‍යාල, ඒ වගේම උසස් අධ්‍යාපන ආයතනවල බහුතරයක් ඉන්නේ කාන්තාවන් බව අපි කියන්න  ඕනේ. ඒ වගේම රාජ්‍ය පරිපාලන සේවයේ බහුතරයක් ඉන්නේ කාන්තාවෝ. වෛද්‍ය වෘත්තියේ, නීතීඥ වෘත්තියේ බහුතරයක් ඉන්නේ කාන්තාවෝ. මේ වගේ අද වැදගත් වෘත්තීය මට්ටමේ ස්ථාන ගණනාවක බහුතරයක් කාන්තාවෝ ඉන්න තත්වයක් අපට පෙනෙනවා දියුණු යැයි කියන සමහර රටවල්වලවත් මේ තත්වය නැහැ. කණගාටුයි කියන්න අපි කවුරුත් දියුණු රටක් හැටියට හඳුන්වන ස්විස්ටර්ලන්තයේ පවා ඡන්ද  අයිතියි ලැබුණේ දැන් දශකයකට දෙකකට කලින්. අපේ කාන්තාවන්ට නම් ඡන්ද අයිතිය ලැබුණේ 1931 දී. නමුත් මේ ලෝකයේ දියුණුයි කියලා හඳුන්වන රටවල්වලවත් ඒ තත්වය ලැබුණේ නැහැ. අපේ රටෙත් ඇතැම් අය විරෝධය පළකලාට විශේෂයෙන්ම අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ගෙන ගිය ව්‍යාපාරය නිසා කාන්තාවන්ටත් මුල් වතාවට පිරිමින්ට වගේ ඡන්ද අයිතිය ලංකාවේ හම්බ උනා.

ඒ නිසා අපිට එක පැත්තකින් සුභවාදීව බලන විට අපට පෙන්න තිබෙන දෙයක් තමයි, දකුණු ආසියාවේ   කාන්තාවන් සුරක්‍ෂිතම රට අපේ රට බව කොපමණ අඩුපාඩු මැද උවත් අපට ආඩම්බරයෙන් ප‍්‍රකාශ කළ හැකියි අනෙක් රටවල්වල තිබෙන තත්වයන් සමග බලනවිට. අපේ ආර්ථිකයේ තිබෙන තව විශේෂ දෙයක් තමයි ශ‍්‍රමබලකාය.  ශ‍්‍රමබලකාය ගත්තහම ලංකාවේ ශ‍්‍රමබලකායෙන් 1/3 යි වාර්තාවලට අනුව නම් 36% යි. කාන්තාවෝ ඉන්නේ.  ඒ මොකද ගෙවල්වල ශ‍්‍රමය වගුරන අය, නිල නොවන රැකියාවල නියැලෙන අය මේකට ගණන් ගැනෙන්නේ නැහැ. කොහොම උනත් මේ 36% ක් වූ කාන්තාවෝ, ඉතිරි ප‍්‍රමාණය පිරිමි. එතකොට මේ  කාන්තාවන්ගේ ඉතිරි කාන්තාවෝ ආර්ථිකයට ගෙන ආවොත් මොනවගේ බලයක් ඇතිකර ගන්න පුළුවන් ද කියලා අපි කල්පනාකරන්න  ඕනේ.

ලෝක බැංකුවේ ගණන් හැදීම අනුව ලෝකයටම කාන්තාවන් පිරිමින් හා සමානව ශ‍්‍රමබලකායේ නියැලෙන අතරේ ආදායම් උපදවන තත්වයට පත් උනොත් මේ ලෝකයේ ආදායම් ආසන්නයෙන් දෙගුණ කරන්න පුළුවන් කියන එක තමයි ඒ අයගේ ගණන් හැදිල්ල. මේ සුහුරු කාන්තාවෝ, සුහුරු කියලා කියන්නේ අලූත් තාක්ෂණ ලෝකයක්. ඒ අලූත් තාක්ෂණ ලෝකය හතරවෙනි කාර්මික විප්ලවය. අපි මේ ලෝකයේ නොයෙක් කාර්මික විප්ලව දැකලා තිබෙනවා. හතරවෙනි කාර්මික විප්ලවයේ ස්වරූපය තාක්ෂණයන් ගණනාවක් ඉදිරියට යනවා.  මේ තාක්ෂණයේ කොටස්කාරයෝ බවට ඇඟලූම්කම්හල්වල, තේ දළු කඩන ගෘහ සේවිකාවෝ හැටියට නෙමෙයි මේ සුහුරු තාක්ෂණයේ කොටස් කාරයෝ බවට අපේ කාන්තාවෝ පත්විය යුතුයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment