අද ඉන්ධන මිල වෙනස් නොවෙයි.


ඉන්ධන මිළ සුත්‍රයට අනුව මාසිකව සිදුකරන ඉන්ධන මිල ගණන් සංශෝධනය අද (10) සිදු නොකරන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, ඉන්ධන මිල සුත්‍ර කමිටුව හෙට (11) දිනයේ රැස්වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

එහිදී ඉන්ධන මිල සංශෝධනය කිරීම පිලිබද අවසන් තීරණයකට එළඹීමට නියමිත බව පැවසේ.

සෑම මසකම 10 වැනිදා මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පසුගිය මාසයේ සිදුවු ඉන්ධන මිල සංශෝධනයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5 කින්ද ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4 කින්ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කින්ද ඉහළ ගියේය.

පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා අවස්ථා 4 කදී ඉන්ධන මිළ වැඩි කර ඇති අතර අවස්ථා 5 කදී මිළ අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගත්තේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment