අපි වැඩකරන්නේ රැල්ලට නෙවෙයි - හරි දේ වෙනුවෙන් - නීතිඥ එරන්ද වැලිඅංගේ


වසරේ දැවැන්තම තරුණ මංගල්‍ය වන යොවුන්පුරය 10 වන අදියර හම්බන්තොට වීරවිල පශු සම්පත් මණ්ඩල පරිශ්‍රයේදී ඊයේ (27) දින ආරම්භ වූ අතර මෙම මස 31 වනදා දක්වා එය පැවැත්වීමට නියමිතව ඇත. යොවුන්පුරයේ දෙවන දවස වන අද (28) දවස තුල යෝවුන්පුර තරුණ තරුණියන් ක්‍රියාකාරකම් රැසක නිරතවූ අතර එහි සුවිශේෂීම කටයුත්ත ලෙස රුක් රෝපණ වැඩසහනක් ක්‍රියාත්මක විය.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ සංකල්පයක් අනුව මෙම රුක් රෝපණ වැඩසහන වීරවිල සහ ඒ ආසන්න ග්‍රාම නිලධාරී වසම් බොහොමයක් කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පවත්වනු ලැබිය. එහි ආදර්ශ වැඩසහන අද පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ , වීරවිල නව නගරය ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. එහිදී සභාපතිවරයා විසින් ප්‍රථමයෙන්ම පොල් පැලයක් රෝපණය කරනු ලැබීය. අනතුරුව ඔහු විසින් යොවුන්පුරයට සහභාගීව සිටින දේශීය සහ විදේශීය තරුණ තරුණියන් සඳහා පැල බෙදාදීම සිදුකල අතර, තරුණ තරුණියන් විසින් එම පැල ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් සිටුවීම සිදුවිය. මෙසේ සිටුවනු ලබන පැල ප්‍රදේශයේ ජනතාව විසින් රැකබලා ගැනීමේ වැඩපිළිවෙලක්ද මේ සමඟ සම්බන්ධකර ඇති අතර එමගින් සිටුවීමෙන් පසු නඩත්තු කිරීමේ කටයුතුද සාර්ථකව ක්‍රියාත්මක වෙනු ඇත.

එසේම යොවුන්පුරයට සමගාමීව අධ්‍යාපනික සහ වුර්තිය ප්‍රදර්ශනයක් ක්‍රියාත්මක වන අතර එතුලින් යෝවුන්පුර තරුණ තරුණියන්ගේ ජීවිතයට සාර්ථක මගපෙන්වීම් ලබාදෙනු ඇත. යොවුන්පුර තරුණ තරුණියන්ට අමතරව සියලු ලක්වාසී තරුණ තරුණියන් ඇතුළු ජනතාවට එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙසද ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා සියලු දෙනාට ආරාධනා කරන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment