ජනපති වැය ශීර්ෂය: ජනපති පාර්ලිමේන්තුවට පැමිණ නෑ, ජයග්‍රහණය කරවීමට එජාපයේ සහය.

   
අයවැය කාරක සභා අවස්ථාවේදි ජනපති කාර්යාල වැය ශීර්ෂයේ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබේ.  කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා එක්වීමට පාර්ලිමේන්තුවට පැමිණ නොමැත.

මෙම විවාදයට එක්වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ තමන්ට ජනපතිගෙන් ඇසීමට ප්‍රශ්ණ කිහිපයක් තිබෙන බවත් ඔහු පාර්ලිමේනතුවට පැමිණේවි යැයි සිතූ බවයි. 

ජනාධිපති වැය ශීර්ෂය ජයග්‍රහණය කරවීමට එජාපයේ සහය

මේ අතර ජනාධිපති වැය ශීර්ෂය ජයග්‍රහණය කරවීම සඳහා සහය ලබා දෙන බව පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.


පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර ජනාධිපති වැය ශිර්ෂය පරාජය කිරීම පිළිබඳව විවිධ අදහස් තිබුණද පක්ෂයක් ලෙස එවැනි තීරණයක් ගෙන නැති බව කී මහලේකම්වරයා ජනාධිපති වැයි ශිර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සහය පලකරනු ඇතැයිද සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment