ඇමති සජිත් ගී ගැයූ යෝවුන්පුර දෙවැනි දිනය


යොවුන් පුරය 2019, පසුගිය 27 වැනිදා ආරම්භ වූ අතර එහි දෙවැනි දිනය වූ ඊයේ (28) දිනය තුල ක්‍රීඩා වැඩසහන්, රුක්රෝපණ වැඩසහන්, නායකත්ව පුහුණු වැඩසහන්, සංහිඳිය "අහන්න" වැඩසහන ඇතුළු වැඩසහන් රැසකින් සමන්විතව අති සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය.එදින සන්ධ්‍යා කාලයේදී සංස්කෘතික කටයුතු සඳහා මූලිකත්වය ලබාදී තිබූ අතර ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ ආරාධනය මත, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිලිබඳ ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංස්කෘතික වැඩසහන් ක්‍රියාත්මක විය. 

සංස්කෘතික තරඟාවලි තුලින් ජයග්‍රහණය කල තරුණ තරුණියන් උදෙසා සහතික පත් ප්‍රධානයට එක්වූ අමාත්‍යවරයා ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුධ හමුදා සංගීත කණ්ඩායම සමඟ ගීත ගායනයකටද එක්විය.

යොවුන්පුර දෙවැනි දින (28) පැවති මෙම වැඩසහන් සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ ආරාධනය මත සභා අධ්‍යක්ෂවරුන් ඇතුළු ආරාධිතයින් රැසක්ද එක්ව සිටියහ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment