ශවේන්ද්‍රගේ පත් කිරීමට UN කොමසාරිස්වරියගෙන් බාල්දියක්!


ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ මානුෂීය නීතිය උල්ලංඝනය කර ඇතැයි චෝදනා එල්ල වී සිටින මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කරනු ලැබුවේ කෙසේදැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය සිය නිල වාර්තාවෙන් ප්‍රශ්න කර තිබේ.

2019 ජනවාරි 09 වැනිදා එම ධුරයට පත්කරනු ලැබූ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධයේ අවසන් අදියරේ 58 වැනි සේනාංකය භාරව සිටි අණදෙන නිලධාරියා වූ බවද ඔහුගේ අණසක යටතේ ක්‍රියාත්මක වූ සේනාංකයේ සෙබළුන්ට එරෙහිව එකී චෝදනා එල්ල වී ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.

එසේම මහ ලේකම්වරයා විසින් පත්කරන ලද වගවීම පිළිබඳ විශේෂඥ මණ්ඩලය විසින් සහ ශ්‍රී ලංකාවේ කටයුතු විමර්ශනය කෙරෙන මානව හිමිකම් කාර්යාලය විසින්ද එම චෝදනා එල්ල කර ඇතැයිද එම වාර්තාව කියයි.

ජිනීවාහි මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධ මෙම වාර්තාව සිකුරාදා (08) පස්වරුවේ නිකුත් කරනු ලැබීය. ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධ මෙම වාර්තාව මගින් 2015 ඔක්තෝබර් මාසයේ සිට 2019 ජනවාරි දක්වා කාලය තුළ එකී කරුණුවල ප්‍රගතිය සමාලෝචනය කර තිබේ.

(දේශය)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment