මාස 6කට අතිරේක විදුලිය ගන්න සමාගම් 3ක් සමඟ ගිවිසුම්.

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස හයක කාලසීමාවක් සඳහා සැපයීමේ කොන්ත්‍රාත්තුව විදේශීය සමාගම් තුනකට ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අඛණ්ඩ විදුලි සැපයීම සහතික කිරීම සඳහා මෙගා වොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පල්ලේකැලේ ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 24ක විදුලි ධාරිතාවක් සහ ගාල්ල ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 10ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් එකක් රුපියල් 30.63ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්සත් රාජධානියේ Aggreco International Project Ltd වෙතත්, මහියංගණය ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 10ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් එකක් රුපියල් 30.58ක මුදලකට සහ පොලොන්නරුව ග්‍රිඩ් උප‍පොළ සඳහා මෙගා වොට් 8ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් එකක් රුපියල් 30.63ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Altaaqa Alternative Solution Global FZE වෙතත්, හම්බන්තොට ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් එකක් එකක් රුපියල් 28.43ක මුදලකට හා හොරණ ග්‍රිඩ් උපපොළ සඳහා මෙගා වොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝ වොට් එකක් රුපියල් 28.70ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව හොංකොංහි V Power Holdings Ltd වෙතත් මාස හයක කාලයක් සඳහා පරිනැමීමට නියමිත ය.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණනායක මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment