ගෝඨා යළි දිවයිනට.


අමෙරිකාවේ සංචාරයක නිරතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තය අසල විශාල පිරිසක් රැස්ව සිටින බව වාර්තා වෙයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ  සංචාරයේ නිරතව සිටින අතරවාරයේ ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීම හේතුවෙන් මාධ්‍යවල වැඩි අවදානයක් යොමුව තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම පිළිබඳ පුද්ගලික කටයුතු කිහිපයක් සඳහා අමෙරිකාවේ සති 3කට ආසන්න කාලයක් රැඳි සිටියේය.

[Ada derana]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment