සංචාරක ආදායම දෙගුණ කරන ඩිජිටල් ක්‍රියාමාර්ගය අනුමතයි.


සංචාරක කර්මාන්තයෙන් දැනට ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක ආදායම 2020 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.0 දක්වා වැඩිකර ගැනීමටත්, සංචාරක කර්මාන්තයේ දේශීය රැකියා අවස්ථා ප්‍රමාණය 600,000ක් දක්වා වැඩි කිරීමට හා සංචාරකයින්ගේ දෛනික වියදම දිනකට ‍ඇමරිකානු ඩොලර් 210 දක්වා වැඩි කිරීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා 'ශ්‍රී ලංකා සංචාරක උපායමාර්ග සැලැස්ම - 2017 - 2020' ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. 

ඒ යටතේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ගේ සමස්ත සංචාරක අත්දැකීම් ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තයේ වර්ධනය හා ගෝලීය ආරක්ෂක ප්‍රතිරූපය වැඩිදියුණු කිරීමේ අපේක්ෂාවෙන් ජාතික මට්ටමේ තාක්ෂණ විසඳුම් ක්‍රමවේදයක් ලෙස 'ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක්‍රියාමාර්ගය (IPDP)' හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. 

මෙම යෝජිත විසඳුම ඒකාබද්ධ සංචාරක හා චාරිකා විශ්ලේෂණ, ඒකාබද්ධ ගෝලීය ගුවන් සමාගම් තොරතුරු ඒකාබද්ධ කිරීමේ හා සංචාරකයින්ගේ ආරක්ෂාව පිරික්සීම සහ ඒකාබද්ධ සංචාරක රක්ෂණය හා ආරක්ෂාව තහවුරු කිරීම යන ප්‍රධාන සංරචක තුනකින් සමන්විත වේ. 

ඒ අනුව යෝජිත ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක්‍රියාමාර්ගය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment