දේශපාලන කඹ ඇදිලි මැද හිරවූ හානිපුර්ණය.


පසුගිය වසරේ සිදුවූ දේශපාලන අර්බුධයට ප්‍රථම පැවැත්වූ අවසන් පාර්ලිමේන්තු සභා වාරයේදී, පාර්ලිමේන්තුවේ බහුතරක් මගින් සම්මත වූ හානි පුර්ණ කාර්යාල පනත පිලිබඳ විවිධ පාර්ශවයන් විවිධ ආකාරයේ මත පල කර තිබුණි. 

මේ අතරින් කැපී පෙනන කරුණ නම් බොහෝ දේශපාලනික පක්ෂ හා එම පක්ෂ නියෝජනය කරන්නන් පලකර ඇති අදහස් පරස්පර විරෝධී ඒවා වීමයි. මෙයින් බොහොමයක් මතයන්, "හානි පුරණ කාර්යාලය මගින් ත්‍රස්තවාදී කණ්ඩායම් හට වන්දි ලබාදීමට සැරසෙන බව", "ජ්‍යාත්‍යන්තර ප්‍රතිපාධන මත ක්‍රියාත්මක වන මෙම කාර්යාලය හේතුවෙන් ලංකාවේ ස්වෛරීභාවයට හනිකයක් වන බව", "මෙය කිසිදු නිවරද්‍යතාවකින් තොරවූ තවත් සංකේතාත්මක ක්‍රියාවලියක් පමණක් වන බව" වැනි සෘණාත්මක පසුබිමක් සහිත වේ. අද වනතුරුත් මේවයේ සත්‍යතාව පිලිබඳව ජනතාව තවමත් ඉමහත් කුහුලකින් පසුවන බව නොරහසකි.

මෙම කාරණය පිලිබඳ සොයාබැලීමේදී මේ සම්බන්ධයෙන් ඍජුවම ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනයක් වන SCRM ආයතන ඔවුන්ගේ නිළ facebook ගිණුමෙහි පළකර ඇති පැහැදිලිකිරීම් මෙසේ දැක්විය හැකිය.



    
දේශපාලනික හා වෙනයම් පුද්ගලික අරමුණු ඉෂ්ට කරගැනීමට තම මව්බිම බිල්ලට තබන විවිධ පාර්ශවයන්ගේ අර්ථ විරහිත ප්‍රකාශයන් හමුවේ, වගකීමක් සහිත පුරවැසියන් වශයෙන් නිවැරදි කරුණු සොයාබලා කටයුතු කිරීම හා ඒ කාරණා පිලිබඳ දැනුවත්ව සිටීම අප සැමගේ වගකීමකි. එමෙන්ම අපගේම විපතට පත්වූ ජනතාව වෙනුවෙන් යහපතක් සිදුකිරීමට සැරසෙන ඕනෑම පාර්ශවයකට සහය දීම, නිවහල් ජාතියක් වන අපගේ පොදු ප්‍රාර්ථනාවක් විය යුතුය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment