හිටපු ජනපතිනියට ඔළුව විකාර වෙලා

 හිටපු ජනපතිනියට ඔළුව විකාර වෙලා  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 1996 බෝම්බයට මුහුණ දීමෙන් පසුව ඇගේ ඔළුව විකාර වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එකී බෝම්බ කොටස්  තවමත් ඇගේ ඔළුව තුළ තිබෙන බවත්, එකී රෝගී තත්ත්වය නිසාවෙන් ඇය හිතෙන හිතෙන දෑ ප්‍රකාශ කරමින් ඒකාබද්ධ විපක්ෂයට නොයෙක් චෝදනා කරන බවත් ඒ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද(21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙවැනි අයට ගෞරවයක් ලබා දී පැත්තකට කර තැබිය යුතු බවද උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ  පසුගිය 17 වන දින පැවති රැළියට ඒකාබද්ධ විපක්ෂයේ නොවන හොරුන් පැමිණි බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් වේදිකාවලදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා ඇති බවත්, ඒ හොරුන් නම්  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් එවැනි රැළියක් සංවිධානය කර පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

එමෙන්ම පසුගිය 17 වන දින පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැළියේදී තමා ඇද වැටීම පිළිබඳව සියළුම දෙනාට ගැටලුවක් මතුව ඇති බවද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

එදින තමන්ව නොපෙන්වන නාලිකාවල පවා තමන් වේදිකාවේ ඇද වැටීම පෙන්වූ බවත්, ඒ ඔස්සේ වැටි වැටී නැගිටීමේ අභිමානය තමන්ට ඇති බවත් ඒ මහතා ප්‍රකාශකර ඇත.

පසුගිය මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවර ප්‍රමුඛ පිරිසට ජයග්‍රහණය කිරීමට සෝභිත හිමි ප්‍රමුඛව කටයුතු කළ නමුත් පසු කාලීනව උන් වහන්සේ ආණ්ඩුව පිළිබඳව දැඩි කළකිරීමකින් සිටි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සෝභිත හිමියන්ගේ මරණය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවද ඒ මහතා පවසා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget