සිනහව ගෙනදුන් ප්‍රේමයම වේදනාවක් කළ සල්ලාල පෙම්වතා තම ආරවන්තියට යාළුවොත් එක්ක කරපු කැත වැඩේ - වීඩියෝ

දෙන්නෙක්ගේ බැදීම පවතින්නේ එකිනෙකා අතර තියෙන විශ්වාසයෙන්. ආදරයට ආදරය කරන හදවත් දෙකක් ඒ විශ්වාසය තුලින් ජීවිතේ ලස්සන කරගන්නවා.

ඒ විශ්වාසය නැතිවුණු තැන දුක වගේම ජීවිතෙත් කළකිරීම් ඇතිවෙන්න පටන් ගන්නවා.

ඒ විදිහට තමන්ගේ ආදරවන්තවය විශ්වාසය කරලා ඒ විශ්වාසය බිදුණු නිසා ආදරෙත් ජීවිතයත් නැතිවෙන්න ගිය තරුණියක් ගැන අපිට අහන්න ලැබුණේ ඉන්දියාවේ කොල්කටා ප්‍රාන්තයේ ලිලුහා ප්‍රදේශයෙන්.

මේ තරුණිය තමන්ගේ ආදරවන්තයා හමුවෙන්න ඔහුගේ නිවසට ගිහින් තියෙනවා. ඒ වෙලාවේ පෙම්වතාගේ ගෙදර තවත් තරුණයන් දෙන්නෙක් ඉඳලා තියෙනවා.

ඒ ගැන දෙපාරක් හිතන්නේ නැතිව තමන්ගේ ජීවිතේ වුණු පෙම්වතාගේ නිවස ඇතුලට ඇය ගිහින්. මේ අවස්ථාවේදී මත්පැන් පානය කරමින් සිටි එක් තරුණයෙක් ඇයට අයුතු යෝජනාවක් කරලා.

එම නිසා ඔවුන් සමග වාදකරගත්තු ඇයගේ ඇඳුම මේ තරුණයන් ඉරන්න හදලා.

තමන්ගේ පෙම්වතා ඇතුළු මේ නරුමයන්ගෙන් බේරෙන්න ඇය එතනින් පැනලා යන්න උත්සහ කරද්දි තට්ටු දෙකක උඩ ඉඳලා බිමට පැනලා.

ජීවත් වෙන්න වාසනාව ඇයට ඉතිරි කරමින් ඔලුවට සුළු තුවාල වුණු මේ තරුණිය කෑගසමින් තමන්ට වෙන්න ගිය සිද්ධිය කියලා.

පසුව අසල්වැසියන් විසින් මේ තරුණයන් තුන්දෙනාව කොටුකරගෙන පොලිසියට බාරදීලා තියෙනවා.

(under the courtesy of hirunews news web)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget