
කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර ඊයේ පැවති පාසල් ක්‍රිකට් තරඟයේ ජය පැරදුම පිළිබඳව මෙම සිසුවා තවත් පිරිසක් සමඟ ඔට්ටුවක් අල්ලා තිබෙනවා.
මෙම සිසුවා ප්‍රකාශ කර ඇත්තේ තමා ඔට්ටුව පරාජයට පත්වුවහොත් ගිලන් රථයක් පදවාගෙන යන බවටයි.
ඔට්ටුව පරාදවීමෙන් පසු සිසුවා මෙලෙස කොළඹ අක්ෂිදාන සංගමයට අයත් ගිලන් රථයක් සොරෙන් පදවාගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව ඒ පිළිබඳව අක්ෂිදාන සංගමයේ ආරක්ෂක අංශ කුරුඳුවත්ත පොලීසියට ඊයේ රාත්‍රියේ පැමිනිලි කර තිබෙනවා.
ඉන් අනතුරුවයි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසන්නයේදී මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සිසුවා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ඔහු නීති විද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය හදාරමින් සිටිනවා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment