'වොක්ස්වැගන්' හදන්න ජනවාරියේ වැඩ අරඹයි - තවත් කම්හලක් හදන්නත් සැළසුම් (VIDEO)

'වොක්ස්වැගන්' හදන්න ජනවාරියේ වැඩ අරඹයි - තවත් කම්හලක් හදන්නත් සැළසුම් (VIDEO)

වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. 

ඒ අනුව එම කර්මාන්ත ශාලාව කුලියාපිටියේ දී ඉදිකරන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර වොක්ස්වැගන් කර්මාන්තශාලාවට අමතරව තවත් කර්මාන්තශාලාවක් සංකේත ලෙස ආරම්භ කරන බවත් අනෙක් කටයුතු සිදු කිරීමට පෙර වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ වැඩ අරඹන බවත් අගමැතිවරයා පැවසී ය.

ඔහු මේ බව පැවසූයේ කුරුණෑගල, මාළිගාපිටියේ ඊයේ (27) පැවැති සවිය ගමින් ගමට වැඩසටහනට එක්වෙමිනි.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්වීම නිසා රට සංවර්ධනය කිරීම පහසු වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එම වීඩියෝව පහතින්,

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget