තෙල් මිල ඉහළට

image_cf57b70da9

මීට පෙර තීරණය කළ පරිදි ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද අනුමැතිය හිමිව ඇතැයි දැනගන්නට ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 7කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ දැමීමට තීරණය තිබේ. මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 145 දක්වාත්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරය රුපියල් 155 දක්වාත්, ඞීසල් ලීටරය රුපියල් රුපියල් 118 දක්වා සහ සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 129 දක්වාත් ඉහළ ගොස් ඇත. ඉන්ධන මිල සූත‍්‍රය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වූයෙන් අද පස්වරුවේ පැවති අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment