කිරිවෙහෙර හිමියන්ගේ රෝහල් බිල රජයෙන් ගෙවන්න යයි

Untitled-1

දේවාලයක කපුමහතකු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ රෝහල් බිල රජයේ මුදලින් ගෙවීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනමින් එම මුදල ගෙවා දැමීමට කටයුතු කරන බව   බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා අද බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කීවේය. රෝහල් බිල ලක්ෂ 30 ඉක්මවා ඇතැයි දැනගන්නට තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment