ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි


ප්‍රමුඛ පෙළේ නීතීඥවරයෙකු වූ  ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ඊයේ රාත්‍රී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූයේය.
මිය යන විට 74 වන වියේ පසු වූ ඔහු

වඩාත් ආන්දෝලනයට ලක්වූ නඩු ගණනාවක ප්‍රධාන නීතීඥයා වශයෙන් කටයුතු කළ අයෙකි.

එම නඩු අතර භාරත ඝාතනය වෙනුවෙන් පැවති අපරාධ නඩුවේදී  දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටීමද මාධ්‍ය තුළ අවධානය දිනාගත් අවස්ථාවකි.

ඔහු හිටපු තානාපතිවරයෙකි. එසේම විදුලි සන්දේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි අයෙකි.
ජනමාධ්‍ය මගින් මෙරට නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මෙහෙයුමකද නිරතවූ ඔහු පුවත්පත් ලිපි ලිවීම, රූපවාහිනී සාකච්ඡාවලට එක්වීමද නිරන්තරයෙන් සිදු කළේය.

තංගල්ල ගම්පළාත කරගත් ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් හා නීතී විද්‍යාලයෙන් සිප්සතර හදාරා තිබේ.
අවසන් කටයුතු පසුව දැනුම් දේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment