හෙට කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

හෙට කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලිය සපයන විදුලි සම්ප්‍රේශණ පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

ඒ අනුව හෙට පෙරවරු 9යේ සිට රාත්‍රි 9 දක්වා කොළඹ දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ ,මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගරසභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා මෙන්ම රත්මලාන ප්‍රදේශයටද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget