දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් වසර 02ක් විශ්‍රාම සුවයෙන් පසුවූ මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළ අනධ්‍යයන සේවකයෙකුට ස්ථාන මාරුවීමේ ලිපියක් ලැබීමේ අපූරු සිදුවීමක් මාකඳුර, බැරගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
නන්දසේන හේවාපතිරණ නමැති මෙම පුද්ගලයා වයස අවුරුදු 60දී විශ්‍රාම ගොස් ඇති අතර මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 62කි.
තමන් ජීවත්වන ගම්මානයේ බැරගම කනිෂ්ඨ විද්‍යාලයට ලද මෙම මාරුවීම නිසා ඔහු මහත් අසීරුතාවයකට පත්ව තිබේ.
රජයේ සේවයෙන් විශ්‍රාම ගත් ඔහු මේ වනවිට වෙනත් ව්‍යාපාරික කටයුත්තක යෙදී සිටී.
ඔහුට මෙන්ම මෙම ස්ථාන මාරුවීම සම්බන්ධ ලිපියේ පිටපත් මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයට සහ බැරගම කනිෂ්ඨ විද්‍යාලයට ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියාසිටියේ වසර 23ක් තමන් රජයේ සේවයේ නියැලුණ ද මෙම සිදුවීම පිළිබඳව තමන්ට සිතාගත නොහැකි බවයි.
ඡායාරූප පහතින්.
මාතර - කැලුම් බෝධිමාන
0 comments :
Post a Comment