කිසිදින මා මරණයට පත් නොකරන්නැයි බයික් එකට වැඳලා ඉල්ලපු සඳුන් ඒ බයික් එකේම නොඑන ගමන් ගිහින් - Photos


මාගේ දෑස් දෙස බලා පොරොන්දු වන්න...
ඔබ කිසි දිනෙක මා මරණයට පත් නොකරන වග..

තමන්ගෙම කියලා අලුත් බයික් එකක වැඩ දාලා පාරෙ යන්න කොල්ලො කොහොමත් කැමතියි. හැබැයි සමහරු වැඩ දාන්න ගිහිල්ලා නවතින්නෙ රෝහලේ.. එහෙමත් නැතිනම් කනත්තෙ.

ඒ වගේ අසීමිත විදිහට තමන්ගේ බයික් එකට ආදරේ කරපු සඳුන්ටත් එයාගේ බයික් එකේ වේගය මරු ළඟ කළා.

මෝටර් බයිසිකල් වලට ගොඩක් ආදරේ කරපු සඳුන් මධුෂාන් පදිංචි වෙලා හිටියෙ කිරිල්ලවල කන්දකපපු හංදිය ප්‍රදේශයේ.

බයික් වලට තියෙන ආදරේ වැඩි නිසාම සඳුන් තමන්ගෙම කියලා බයික් එකක් ගත්තා.. බයික් එක ගත්තට පස්සෙ සඳුන් හිටියෙ ගොඩක් සතුටින්. ඒ නිසාම එයා බයික් එක ගැන එක එක ෆොටෝස් හැම තිස්සෙම ෆේස්බුක් දැම්මා.

දවසක් සඳුන් ෆේස්බුක් එකට ටිකක් අමුතු විදිහෙ පෝස්ට් එකක් දාලා තිබුණා. ඒක තමයි ‘‘මාගේ දෑස දෙස බලා පොරොන්දු වන්න.. ඔබ කිසි දිනෙක මා මරණයට පත් නොකරන වග“

මේ කතාව ෆේස්බුක් දාලා දවස් දෙක තුනකට පස්සෙ සඳුන් එයාගේ යාලුවොත් එක්ක බයිසිකල් වලින්ම ට්‍රිප් එකක් ගියා. හැබැයි සඳුන් එයාගේ පණ වගේ තිබ්බ බයික් එකෙන් ගෙදරින් පිටවෙද්දි ආයෙ පණ පිටින් ගෙදර එන්න ලැබෙන එකක් නෑ කියලා නම් හිතන්න නැතුව ඇති.

අල්ගම පැත්තෙ තියෙන නාන තොටුපළක මිතුරන් එක්ක විනෝද වුණු සඳුන් ආපහු ගෙදර එන්න පිටත් වුණා.. හැබැයි සඳුන් ආපු වේගය ගැන එයා හිතුවෙ නෑ,. තමන්ගේ පණටත් වඩා ආදරය කරපු බයික් එක විශ්වාස කරපු සඳුන් බස් එකක් ඉස්සර කරද්දිම ඉදිරියෙන් ආපු වාහනේක වැදිලා විසිවුණේ චිත්‍රපට ජවනිකාවක් වගේ..

ඒ අනතුරෙන් සඳුන් සදහටම දෙනෙත් පියා ගත්තා. එයා පණ වගේ ආදරේ කරපු බයික් එක එයාගේ පණ උදුර ගත්තා. සඳුන් එක්ක ගිය තවත් යාලුවෙක් මේ වෙද්දි ඉන්නෙ දැඩිසත්කාර ඒකකයේ.

හිරිමල් වියේ පසුවන තරුණයෙක් වූ සඳුන්ගේ හදිසි වියෝව එයාගේ පවුලේ ඥාතින්ට වගේම යාලුවන්ටත් තාමත් හීනයක් වගේ..

සඳුන්ගේ ෆේස්බුක් ගිණුමේ මිතුරන් තබා ඇති සටහන් කිහිපයක් හා සඳුන් බයිසිකලය සමග ගත් ඡායාරූප පහතින්...


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget