
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක හොං ලෙයි සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ චාරිකාවේදී එම උපයෝගිතා සබඳතාවන් ගැඹුරු ලෙස වර්ධනය කරලීමට අවකාශ ලැබෙනු ඇති බවයි.
චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිතුරු සබඳතාවන් ශක්තිමත් ලෙස පවත්වාගෙන යනු ලබනවා.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන සුබවාදී ප්‍රතිපත්ති ප්‍රශංසාවට ලක් කළ හැකි බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා කියා සිටියේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන අප්‍රේල් 6 වනදා සිට 9 වනදා දක්වා චීනයේ සංචාරයක නිරත වන්නේ එරට අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් ගේ ආරාධනයකට අනුවයි.
චීන නායකයන් සහ අග්‍රාමාත්‍යවරයා අතර, පැවැත්වෙන සාකච්ඡාවලදී දෙපාර්ශවයටම බලපාන ද්වීපාර්ශවික කරුණු සම්බන්ධයෙන් විවෘත අදහස් හුවමාරුවක් සිදුවනු ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment