
පරීක්ෂණ සිදු කරනු ලබන්නේ ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය විසින්.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන්ද තවදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදුවනවා.
මෙම බෝම්බ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය ඉකුත් දා සොයා ගෙන ඇත්තේ ගංජා ප‍්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශණයකදීයි.
සැකකරු පාසල් සමයේම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ වූ අයෙකු බවටද තොරතුරු වාර්තාවනවා.
ඔහු කාන්තාවන් තිදෙනෙකු සමග සබඳතා පවත්වා ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළි වුණා.
සැකකරු පුනරුත්තාපනය පුහුණුව නොලැබූ ඇයෙකු බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
මේ අතර චාවකච්චේරි ප‍්‍රදේශයෙන් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳ ලබන සතියේදී පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කිරීමටද ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් කිසිවක් සැඟවීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බවයි.
මෙම සිද්ධියේ සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍යය බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment