නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් සහභාගීවන උත්සව නියෝජනය නොකිරීමට හා ඔහුට ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ඇතුළත්වීමට අවසර ලබානොදීමට ත්‍රිවිධ හමුදාව විසින් ගෙන තිබූ තීරණය ඉවත් කර තිබේ.
යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසූවේ අද සිට ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගත් බවයි.
නාවික හමුදාව, ත්‍රිකුණාමලය සාම්පූර් මහා විද්‍යාලයේ සංවිධානය කළ ත්‍යාග ප්‍රදානෝත්සවයක් අතරතුර පළාත් මහ ඇමති අහමඩ් නසීර් මහතා නාවික හමුදා නිලධාරියෙකුට බැණ වැදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් නැගෙනහිර පළාත් මහඇමතිවරයාට ත්‍රිවිධ හමුදා කදවුරුවලට ඇතුළුවීම පසුගිය දා තහනම් කෙරුණු අතර ඔහු පැමිණෙන උත්සවවලට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහභාගි නොවන බව ආරක්ෂක ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.
0 comments :
Post a Comment