සාය පපු ප්‍රදේශයට ඇඳ සිටි මනාලිය තරුණයෙක් එක්ක කළ හදියක්

මාතර ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක තම විවාහ මංගල උත්සවයට සූදානම්වෙමින් සිටි මනාලියක් බාගෙට අන්දවමින් සිටියදී වෙනත් තරුණයකු සමඟ පැන ගිය පුවතක් පසුගියදා (26දා) වාර්තා විය.

තංගල්ල ප්‍රදේශයේ පදිංචි බව කියන මනාලිය මාතර පදිංචි මනාලයා සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා අනතුරුව ඒ බව සිය නිවෙස්වලටද දැනුම් දී ඔවුන්ගේ විවාහ මංගල උත්සවය ඉකුත් 26 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ගෙන තිබිණි. එදින අලුයම 3ට පමණ මනාලියට ඇන්දවීම සඳහා ඇය මාතර නගර මධ්‍යයේ පිහිටි රූපලාවණ්‍යාගාරයට කැඳවාගෙන පැමිණි මොහොතේ හිටි හැටියේම මනාලිය අතුරුදන්ව ඇත.

සිද්ධිය දැන ගත් මොහොතේ මනාලයා ඇතුළු පිරිසක් මෙම ස්ථානයට පැමිණ තොරතුරු සොයා බලද්දී තම යට සාය පපු ප්‍රදේශයට ඇඳ සිටි මනාලිය දුරකතන සංවාදයක යෙදී කිසිවකුටත් නොදන්නවාම රූපලාවණ්‍යාගාරයෙන් බැස යන අයුරු එහි තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබිණි. ඒ අනුව මනාලයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසියට පැමිණිලි කොට තිබිණි.

මෙම මනාලිය ප්‍රේම සම්බඳතාවක් පැවැත්වූ වෙනත් තරුණයකු ගෙන්වා ගෙන ඔහු සමඟ ගොස් සිටියදී එදින දහවල් ඔහු මෙම තරුණිය අඟුණකොළ පැලැස්ස ප්‍රදේශයේ දමා ගොස් සිටියදී ඇයගේ පවුලේ අය විසින් එම ස්ථානයට ගොස් තරුණිය සොයා ගෙන ඇති බවට වාර්තා වෙයි.

මාතර – එම්.සී. දුශාන්ත
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment