පොලිස් මාධ්‍ය ප්‍රකාශකට විනය අංශයට මාරුවක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට විනය අංශයට මාරුවක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඇතුළු පොලිස් අධිකාරීවරු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 13 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලබා දී ඇති බව එම කොමිසම සඳහන් කරයි.

පොලිස් විනය හා කල්ක්‍රියා කොට්ඨාශයට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාරු කර තිබේ.

එම නිලධාරීන් වෙත ස්ථානමාරුවීම් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා ඉදිරිපත් කර තිබූ නිර්දේශයට පොලිස් කොමිසමේ අනුමැතිය ලබාදුන් බව එහි ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කරයි. 

එම ස්ථානමාරුවීම් ඉදිරිදිනවල දී පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව ඇත.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment