බොරතෙල් මිල අඩුවෙයි

අමෙරිකානු ඩොලරය ශක්තිමත්වීම සහ තෙල් සැපයුම ප්‍රකෘතිමත්වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ (30) අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඊයේ (30) ඩොලර් 49.22ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 49.10ක් ලෙසයි. ප්‍රධාන පෙළේ විනිමය වර්ගවලට එරෙහි ව ඩොලරයේ අගය ඊයේ වනවිට  සටහන් වී ඇත්තේ මසකින් ඉහළම අගය ලෙස ය.

ඩොලරය ඉහළ යාම හේතුවෙන් තෙල් ආනයනයට වැඩි මුදලක් වැය කිරීමට සිදුවීම හේතුවෙන් ඉල්ලුම පහත වැටීම චක්‍රකාර ව සිදුවන්නකි. මේ වනවිට තෙල් මිලෙහි පසුබෑමක් ඇති වී තිබෙන්නේ ඒ හේතුවෙනි. පසුගිය 26 වැනි දා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල 2016 වසරේ දී ප්‍රථම වරට ඩොලර් 50 ඉක්මවා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment