හික්කඩුවේ දුම්රියක හදිසි ගින්නක් (PHOTOS)

හික්කඩුවේ දුම්රියක හදිසි ගින්නක් (PHOTOS)

වවුනියාවේ සිට මාතර දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක් හික්කඩුව දුම්රිය ස්ථානය පසුකර ධාවනය වෙමින් තිබිය දී අද (30) පෙරවරු 9.40 ට පමණ දුම්රිය එංජිමේ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක් වී තිබේ.

එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ දුම්රිය රියදුරු සහ සහායකවරයා විසින් දුම්රිය නවත්වා ගිනි නිවන උපකරණ ආධාර කරගෙන එම ගින්න නිවා දමා ඇත.

කෙසේ වෙතත් එංජිමේ පැති දොරක් එම ගින්න නිසා අර්ධ වශයෙන් පිළිස්සී ඇති බව වාර්තා වේ.

ලිහිසි තෙල් කාන්දු වීම නිසා දුම්රිය මාර්ගයේ මීටර් 300ක පමණ දුරක් තෙල් විසිරී ඇති අතර දුම්රියේ පළමු මැදිරියේ පැත්තක් ද එම ලිහිසි තෙල් වැදී දුර්වර්ණ වී තිබේ.

දුම්රියේ පැමිණි මගීන් කොටසකට වෙනත් පොදු ප්‍රවාහන සේවා මගින් ප්‍රවාහන පහසුකම් සලසා ඇති අතර ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.50 ට පමණ වෙනත් එංජිමක් පැමිණ දුම්රිය මැදිරි සවිකර මාතර බලා ගමන් කර ඇත.

මේ නිසා වෙරළබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සහ අළුත්ගම අතර දුම්රිය ගමනා ගමනය පැයකට අධික කාලයක් ප්‍රමාද වූ බව වාර්තා වේ.

ඡායාරූප පහතින්.

 

ගාල්ල - ලලිත් චාමින්ද

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment