හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කොටසේ මාර්ගයක අනාරක්ෂිත කාණුවකට වැටී සිටි මාස 03ක් පමණ වයසැති අලි පැටවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා වරාය ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින සේවකයින්ගේ දැඩි පරිශ්‍රමයකින් පසුව බේරා ගැනීමට හැකි වී තිබේ.
ඊයේ (29) අලුයම අලි රංචුව සමග යමින් සිටිය දී මෙම අලි පැටවා කාණුවට වැටී ඇති අතර කාණුවේ වැටි සිටි තම පැටවා දමා යාමට ඇතින්නිය කටයුතු නොකළ අතර පැටවා කාණුවෙන් ගොඩට ගැනීම සඳහා අලි වෙඩි දමා ඇතින්නිය පලවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත.
පැය 04ක පමණ දැඩි මෙහෙයුමකින් පසුව අලි පැටවා ගොඩට ගැනීමට හැකිවුවත් පැටවාගේ පසුපස පාදයේ ඇතිව තිබු ආබාධිත තත්ත්වයක් නිසා පැටවා කැළයට මුදා හැරීමට නොහැකි බවත් උඩවලව ඇත් අතුරු සෙවනට ගෙනගොස් ප්‍රතිකාර කළයුතු බවත් පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ. ධර්මකීර්ති මහතා සඳහන් කොට තිබේ. ඒ අනුව අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන ගොස් ඇත.
වීඩියෝව පහතින්....

0 comments :
Post a Comment