මස්කෙළිය නායයාමේ ගුවන් දර්ශන (PHOTOS)

මස්කෙළිය නායයාමේ ගුවන් දර්ශන (PHOTOS)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නායයාමට ලක් වූ මස්කෙළිය ගාඩිමෝර් වතුයායේ පෝටිමෝර් කොටසේ තවත් ප්‍රදේශයක් නාය යාමේ අවධානම් සහිත කලාපයක් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නම් කර තිබේ.

එම වතුයායේ පවුල් 44කට අයත් සාමාජිකයින් 207දෙනෙකු තාවකාලිකව ඉදිකළ කූඩාරම්වල සහ වතුයායේ කෝවිලෙහි පදිංචි කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සහ වෙනත් පහසුකම් වතු පාලන අධිකාරිය හා ආපදා කළමණාකරණ ඒකකය මගින් ලබා දී ඇති බව වාර්තා වේ.

මේ අතර කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා සඳහන්කළේ පොටිමෝර් වතුයායේ අවතැන් වූ පවුල් සඳහා අලුතින් නිවාස 50ක් ඉදිකිරීමට මේ වනවිට කටයුතු සැලසුම් කර ඇති බවයි.

පසුගියදා සිදුවූ නායයාමත් සමඟ විශාල ගල් පර්වතයක් ගැලවී අදාළ වතු නිවාස පෙළට ඉහළින් ඇති කඳු මුදුනේ රැදී තිබෙන නිසා යළිත් නාය යාමක් සිදුවීමට ඇති අවධානම ඉහළ බව ද ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි.

එම ප්‍රදේශයේ ගුවනින් ගත් ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment