අනවශ්‍ය පුද්ගලයන් පවා මෝටර් රථ ගන්නා බැවින් මෝටර් රථ මිල ඉහළ දැමීමට සිදුවූ බවත් රට තුළද මෝටර් රථ වැඩිවීම තවත් හේතුවක් බවත් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (30) ගලේවෙල වහකෝට්ටේ කිතුණු පල්ලියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
ත්‍රිරෝද රථ මිල ඉහළ දමා ඇත්තේ රට තුළ ත්‍රිරෝද රථ වැඩිවීම මෙන්ම එම සංගම්වල ඉල්ලීම් අනුව බවත් මෝටර් රථ භාවිත කළ යුත්තේ ඉහළ රැකියාවක් කරන හා යම් පැලැන්තියක පිරිසක් බවත් මේ වනවිට මෝටර් රථ මිලදී ගැනීම රැල්ලකට ගොස් ඇති අතර, එකිනෙකාගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
එසේ මෝටර් රථ මිලදී ගත යුත්තේ නියමාකාර සුදුස්සා තමාට ප්‍රකාශ කිරීමට නොහැකි බවත්, වාහනවල ඉහළ ගිය මිල ගණන් ගැසට් පත්‍රය පිටවන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“සුඛෝපභෝගි කාර් තමයි ගන්න අමාරු. සල්ලි තියන මිනිස්සු ගෙවලා ගත්තාවෙ. සාමාන්‍ය කාර් ඒ තරම් වැඩිවීමක් දකින්න නැහැ. වාහන මිල වැඩි වුණාට කමක් නැහැ. මොකද දැන් ලංකාවේ කාර් වැඩියි. කොළඹ පැත්තේ කුරුණෑගල යන්න බැහැ. වාහන ප්‍රමාණය වැඩියි. අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවා. එක සමාජයේ තරගයක් බවට පත්වෙලා. කාර් එකක් ගන්න ඕනේ රැකියාවේ හැටියට. සමාජයේ අවශ්‍යතාව අනුව ගත යුතුයි. හරියටම ඒ පිළිබඳව විස්තර කරන්න අමාරුයි.
මගේ අවශ්‍යතාව නෙවෙයි තව කෙනෙකුට තියෙන්නේ. මට පෙනෙන හැටියට විශාල වාහන තොගයක් මේ රටට ගෙන්වලා තියෙනවා. පාරක යන්න බැහැ ඒ තරමට ත්‍රිරෝද රථ වැඩියි. සමහර වෙලාවට ඒ සංගම්වලින්ම ඉල්ලීම් කරනවා ත්‍රිරෝද රථ ගෙන්වුවා ඇති හයර් නැහැ කියනවා. ඉතිං ගෙන්වන ඒක අපිට නතර කරන්න බැහැ. උපක්‍රමශීලීව අපි ගාණ වැඩි කළා. එතකොට ඒවා ගන්න සංඛ්‍යාව සීමා වෙයි කියලා හිතනවා.’’ යැයි පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න
වීඩියෝ - ලංකාදීප
0 comments :
Post a Comment