හෘදයා බාධයක් යැයි කියූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා අද දිවයිනට

පසුගිය දින කිහිපයෙහි පෞද්ගලික විදෙස් සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අද (05) යලි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඇය බරපතල හෘදයා බාධයකට ලක්ව විදෙස් රටක රෝහල් ගතකර ඇති බවත්, ඇයගේ ජීවිතය අවදානම් බවටත් පසුගිය දින කිහිපයෙහි වෙබ් අඩවි වලින් පුළුල් ප්‍රචාරයක් දියත්කර තිබිණ. ඒ පුවත සම්බන්ධයෙන් ජාතික මාධ්‍ය පවා විමසිලිමත්ව සිටියේය.


පසුගිය දින කිහිපයෙහි ප්‍රංශයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිනිය, මේදිනවල නිල සංචාරයක නිරතව සිටින මංගල සමරවීර මහතාව ද පැරිස් නුවරදී හමුව තිබේ.


පැරිස් සංචාරයෙන් පසු ලන්ඩන් නුවරට ගොස් ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අද දිනයේ යලි ලංකාවට ඒමට නියමිත බව මංගල සමරවීර අමත්‍යවරයා වෙබ් අඩවියකට ප්‍රකාශ කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment