කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරිම් තවදුරටත් පැවතිම නිසා යුද හමුදාවේ උපදෙස් පරිදි කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල අතර දුම්රිය ධාවනය අද (06) පෙරවරුවේ සිට නතර කළ බව දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
ඒ අනුව කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වග දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇත. ඊයේ (05) සවස සිදුවූ කොස්ගම පිපිරීම නිසා මාර්ග අවහිරවීම හේතුවෙන් පාදුක්ක - අවිස්සාවේල්ල විශේෂ දුම්රිය සේවයක් ආරම්භ කෙරිණි.
පිපිරීම සිදුවූ අවස්ථාවේ සිට අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුඅග්ගල සිට වාහන ධාවනය නවතා දමා ඇති නිසා මගී පහසුව තකා මෙම පියවර ගෙන තිබූ අතර පිපිරිම් තවදුරටත් පැවතිම නිසා එම සේවාවද ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලැබෙන තෙක් නවතා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පැවසී ය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment