2017 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන අයවැය නොවැම්බර් මස 10 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) කළුතර පැවති උත්සවයකට සහභාගීවෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී අනුමත වූ නව වැට් බදු ක්‍රමවේදය පිළිබදව ද අදහස් පළ කළේය.
ඔහු ඒ සම්බන්ධව අදහස් දක්වමින් කියා සිටියේ කලින් ක්‍රමවේදයට වඩා සහනදායී පදනමක් මත මෙය සකස් කර ඇති බවයි.
0 comments :
Post a Comment