සිසුවෙකුට පහරදුන්නැයි සිසුන් 3ක් අත්අඩංගුවට

සිසුවෙකුට පහරදුන්නැයි සිසුන් 3ක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල, හල්පේ මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට ඊයේ (13) එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පොල්ලකින් පහරදී තුවාල සිදුකලේ යැයි සැකපිට එම විද්‍යාලයේම ඉගෙනුම ලබන 12 වන ශ්‍රේණියේ සිසුන් 03දෙනෙක් එදින රාත්‍රියේම අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.

පහරදීමෙන් බරපතල තුවාල ලැබු  ගිහාන් ප්‍රදීප් නැමති 16 හැවිරිදි ශිෂ්‍යයා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අතර මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

එම පාසලේ විදුහල්පතිවරයා විසින් පහරකෑමට ලක්වු ශිෂ්‍යයා ප්‍රදේශයේ පුද්ගලික ඩිස්පෙන්සරියකට යවා ප්‍රතිකාර ලබාදී ගෙදර යවා ඇති බවත් තත්ත්වය අසාධ්‍ය නිසා ශිෂ්‍යයාගේ මිත්තනිය විසින් ඔහුව රෝහල්ගත කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණයවු බව පොලිසිය කියයි.

මෙම ශිෂ්‍යයා සිය මිත්තනිය සමඟ ඇල්ල, මධුරගම පිහිටි ඇගේ නිවසේ ජීවත්වන අතර මේ සිද්ධිය පිළිබදව විමසීමට ගිය අවස්ථාවේ විදුහල්පතිවරයා තමාට බැන වැදුන බවට ඇය පොලිසියට පැමිණිලි කර තිබේ .

බදුල්ල රෝහල් පොලිසියෙන් දැනුම් දෙනතුරු විදුහල්පතිවරයා මේ පිළිබදව දැනුම් නුදුන් බවත් සිද්ධිය වසන් කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට විරුද්ධව කටයුතු කරන බවත් ඇල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ හා සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල් .ඩී.එන්. කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් ඇල්ල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

බදුල්ල - පාලිත ආරියවංශ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment