කරාඹු නැතිව පාසල් යන්න බැහැයි
පොලිසියේදී කී නාඳුනන දැරියට
කැමැත්තෙන් තම කරාඹු ගලවා දුන් කාන්තාව
කණට කරාඹු දෙකක් නැතිව පාසල් යාමෙන් පසු පාසලේ මිතුරියන් විහිළු කළ නිසා කළ කිරීමට පත්ව වසර 2 ක් තිස්සේ පාසල් යෑමට බෑ කියා ගෙදර නැවතුණ දැරියක් ගැන අනුකම්පා සිතුණ පිටස්තර කාරුණික කාන්තාවක සිය කණ රැඳි කරාඹු ගලවාදී ඇයව නැවත පාසල් යැවූ පුවතක් කරන්දෙණියෙන් වාර්තාවෙනවා.
කරන්දෙණිය මහගොඩ ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මේ දැරිය මව් සෙනෙහස අහිමිව පියා සමග ජීවත්වූ අයෙකි.
කාලයක් තිස්සේ පාසල් යාම නතර කර දැරිය පාසල් යන්නට බැහැ යයි දිගටම පැවසීම නිසා
මෙම දැරියගේ පියා විසින් ඇයව කරන්දෙණිය පොලිසියට
ඒ අනුව ඊයේ පාසල් යන්නට පෙර පොලිසියට පැමිණ එම නිලධාරීන්ට බුලත් දී වැඳ තමන්ට උපකාර කළ කාන්තාවටද වැඳ අවසර ගෙන ඇය නැවත මින් පෙර අධ්‍යාපනය හදාළ පාසලේ 9 වන ශ්‍රේනියට ඇතුළත් වුණා. ඇයට පොලිසියෙන් පොත් කට්ටලයක තෑග්ගක්ද ලබාදී තිබුණා.
ඇය නැවත පාසල් යාමේ ආරංචිය නිසා වඩාත් සතුට අත් විඳගත්තේ කරාඹු යුවළ පරිත්‍යාග කළ කරන්දෙණියේ 3 කනුවේ පදිංචි ශ්‍යාමලී තිලකරන්ත නමැති තිදරු මවයි.
0 comments :
Post a Comment