හිටපු විනිසුරු ආබෲගේ නඩුව අවසන්

හිටපු විනිසුරු ආබෲගේ නඩුව අවසන්

අභාවප්‍රාප්ත හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට එරෙහිව පවරා තිබූ නඩුව අවසන් කිරීමට කොළඹ මහාධිකරණය අද (14) තීරණය කළේය.

සිය නිවසේ මෙහෙකාරියට අතවර කිරීමේ චෝදනා මත සරත් ද ආබෲ මහතාට එරෙහිව අදාළ නඩුව ගොනුකර තිබුණි.

නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකාර සරත් ද ආබෲ මහතා මේ වන විට මියගොස් ඇති බැවින් අදාළ නඩුව අවසන් කරන ලෙස පැමිණිලිකාර පාර්ශවය සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එම නඩුව අවසන් කරන බව දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම් පුද්ගලයෙකු අධිකරණය මගින් වරදකරු කරනතුරු නිර්දෝෂී පුද්ගලයෙකු බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව සරත් ද ආබෲ මහතා ද නිර්දෝෂී අයෙකු බව ප්‍රකාශ කර තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment