සාලාවේ වැසියන් මානව හිමිකම් කොමිසමට යයි (VIDEO)

සාලාවේ වැසියන් මානව හිමිකම් කොමිසමට යයි (VIDEO)

කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් පීඩාවට පත් තමන්ට මේ වනතෙක් සාධාරණයක් ඉටු වී නොමැති බවට පවසමින් දේපළ අහිමිවූවන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අද (14) දිනට සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපිරීමට දින 100ක් සපිරෙන අතර පසුගිය ජූනි 05වනදා අවි ගබඩාව පිපිරීමෙන් එම කඳවුර අවට නිවාස, ව්‍යාපාරික ස්ථාන ඇතුලූ දේපළ රැසකට අර්ධ සහ පූර්ණ වශයෙන් හානි සිදුවිය.

කඳවුරට ආසන්න ග්‍රාම සේවා වසම් 10 ක නිවාස 300 ක් පමණ මුළුමනින්ම විනාශවූ අතර රජයේ ගොඩනැගිලි බොහෝමයක් ද විනාශ විය. 

දේපළ අහිමි ජනාතාව කියාසිටින්නේ රජය විසින් ඉන් පිරිසකට වන්දි ලබාදීම සිදුකළද ඒවා ප්‍රමාණවත් නොවන බවයි.

මෙතෙක් තමන්ට සාධාරණ වන්දි මුදලක් නොලැබුණු බවට ද ඔවුන් ඊයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියාසිටියේය.

වීඩියෝව පහතින්. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment