ජනවාරි 08 ලබා ගත් ජයග්‍රහණයේ ප්‍රතිඵල රටට ලබාදීමට කැපවීම එම ජයග්‍රහණයට උරදුන් සියලූදෙනාගේ වගකීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේ පැවති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මලිත් ජයතිලක මහතා විසින් රචනා කරන ලද “මා දුටු ජනවාරි 8” කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනි.
රට වෙනුවෙන් අද දවසේ යුතුකම ඉටු කිරීමට එක්වන ලෙස ජනවාරි 08 ජයග්‍රහණයට උරදුන්, නුදුන් සියලූදෙනාට තමා ආරාධනා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
අත්දැකීම නොමැතිව ඇතැමුන් රට හමුවේ ඇති බරපතළ ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තරයෙන් එල්ලවී ඇති ගැටලූවලට මුහුණදීමට රජය ගන්නා කි‍්‍රයාමාර්ග විවේචනය කරන බව ද පැවසූ ජනාධිපතිවරයා විවේචන පසෙක ලා ඊට තමන් තුළ ඇති විසදුම් ඉදිරිපත් කරන ලෙස සියලූදෙනාට ආරාධනා කරන බව ද ප්‍රකාශ කළේය.
ජනවාරි 08 පරිවර්තනය සැබෑ ලෙස හා යථාර්ථවාදී ලෙස දැක ඒ පිළිබඳ ලියු සිය දහස් දෙනා අතරින් එය ඉතා නිවැරදිව ලියූ පිරිස අතේ ඇගිලි ප්‍රමාණයටත් වඩා අඩු බව ද පැවසූ ජනාධිපතිවරයා සමාජ සාධාරණත්වය, නිදහස, ප්රජාතන්ත්රවාදය මෙන්ම දුෂණය, වංචාව, අවනීතිය පිළිබඳ ලියන බොහෝ දෙනාට ජනවාරි 08 පරිවර්තනය සැබෑ ලෙස ලිවීමට තවමත් නොහැකි වීම පිළිබඳව කණගාටුවන බව ද ප්‍රකාශ කළේය.
ජනවාරි 08 පරිවර්තනය පිළිබඳ බොහෝ සත්‍ය මෙන්ම නිවැරදි දේ තවමත් සැඟව පවතින බවත් එම කරුණු නොබියව වාර්තා කිරීමට “මා දුටු ජනවාරි 8” කෘතිය තුළින් මලිත් ජයතිලක මහතා ගෙන ඇති උත්සාහය තමා ඉතා අගය කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනවාරි 08 පරිවර්තනයේ දේශපාලන සූජාත භාවය කොතෙක් සංකිර්ණ ද සහ අධ්‍යයනය කළයුතුද යන්න ඒ පිළිබඳ දන්නා සියලූදෙනාට අවබෝධයක් තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම පරිවර්තනය පිළිබඳ කථා කළ යුතු දේ, කථා කළ යුතු අය විසින් කථා කිරීම අද දවසේ ඉතා වැදගත් බව ද කියා සිටියේ ය.
0 comments :
Post a Comment