අවසන් යුද සමයේදී හා විවිධ හේතූන් මත පාද අහිමි වූ කිලිනොච්චියේ නැවත පදිංචි වැසියන් පිරිසකට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය මගින් කෘතිම පාද ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇත.
එහි මූලික පියවරක් ලෙස කිලිනොච්චියේ ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල් 28 ක් වෙනුවෙන් කිලිනොච්චිය සහයෝගිතා කේන්ද්‍රෙය්දී කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩී.ඒ. අමල් කරුණාසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) කෘතිම පාද ලබා දීමේ වැඩසටහනක් පැවත්වුණි.
මෙසේ කෘතිම පාද ලබාදීම සඳහා මූල්‍ය දායකත්වය ලබා දී ඇත්තේ 'හැන්ඩි කැප්' නැමති රාජ්‍ය නොවන සංවිධානය මගිනි.
එම සංවිධානයේ කුණ්ඩසාල කලමණාකාර එස්.එස්. අත්තනායක මහතා ද ඊයේ පැවති කෘතිම පාද ලබාදීමේ අවස්ථාවට එක්ව සිටියේය.
මෙම අවස්ථාවට 571, 572, 573, 574 යන බලසේනා මූලස්ථානයන්හි බලසේනාධිපතිවරුන් හා නැවත පදිංචි වැසියන් පිරිසක් සහභාගී වී සිටියහ.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
0 comments :
Post a Comment